August 9, 2025

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාරය වෙත පැමිණියේය.

එහිදී ඔහු අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත විය.