
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“එක් තීරයක් – එක් මාවතක්” අන්තර්ජාතික සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් අතර නිල හමුවක් ඊයේ(17) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්විණි.
ජාති, ආගම් සහ ජනවර්ග භේද මත එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වර්ධනය නොකෙරෙන මනුෂ්‍යත්වයෙන් පිරි පොදු සමාජයක් නිර්මාණය කිරීම මුළු ලෝකයේම අනාගත අභියෝගය බව නායක දෙපළ මෙහිදී අවධාරණය කර තිබේ.
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද සහ එයින් යළි ගොඩඒමේ මාර්ග පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාකිස්ථාන අගමැතිවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ද නායකයන් අදහස් හුවමාරු කර ගත් අතර ඒ පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ද දෙපාර්ශ්වය එකඟවී තිබේ.
පාකිස්ථාන මුදල් ඇමතිනි ෂම්ෂාඩ් අක්තාර් (ඇතුළු එරට දූත පිරිසක් ද, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු දූත පිරිස ද මෙම අවස්ථාවට එක්ව ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart