December 2, 2023

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පැවති එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුව අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ.

ඉන්දීය අගමැතිවරයා මීට පෙර X සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ පණිවුඩයක සඳහන් කර තිබුණේ නායකයන් දෙපළ අතර විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡා පැවැත්වූ බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ දිනයේ COP28 සමුළුව ඇමතීය.

ජනාධිපතිවරයා ග්‍රීක අගමැතිවරයා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.