
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ සමඟ ‘සිරි දළදා වන්දනාව’ සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇත.
ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමිපාණන් වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරතවී තිබේ.
එමෙන්ම අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝසභික තේවාව භාර රාජකාරියේ නියුතු පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැකීමටද ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
මෙම අවස්ථාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන අයද එක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart