January 13, 2025

චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගියේය.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිං(Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) යන අය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවීමට නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර යන පිරිසද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.