
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2025 අප්‍රේල් 29 දින සිට බලපැවැත්වෙන පරිදි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඊට අනුව වරායේ තිබෙන සහ ආනයනය කිරීමෙන් පසු නිෂ්කාශනය කිරීමට නොහැකි වූ මෝටර් රථ වර්ග කිහිපයක් මුදාහැරීමට හැකියාව හිමිවේ.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසන්නේ, පසුගිය මාස එකහමාරක් දෙකක කාලය තුළ මෙම ආනයනික වාහන ඉවත්කර ගැනීමට නොහැකි වූ බවයි.
නව ගැසට් පත්‍රය මගින් Toyota Raize සහ Nissan X-TRAIL වැනි දෙමුහුන් මාදිලි නිදහස් කිරීමට දැන් හැකියාව ලැබෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.
එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ, මෙවැනි තාක්ෂණයක් භාවිත කරන අනෙකුත් දෙමුහුන් වාහන නිෂ්කාශන සඳහා ද අනුමැතිය ලබා දී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart