
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්ථාන මාරුවීම් සිදුකිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම දක්වන ‘අදිමදි’ කිරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක අප්‍රසාදය පළ කර තිබේ.
කටුකුරුන්දේ ඊයේ(19) පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති දිසානායක පැවසුවේ, පොලිස් ස්ථාන මාරුවීම් කිසිවකුගේ කැමැත්ත පරිදි සිදු කළ නොහැකි අතර ඒ සඳහා ජාතික පොලිස් කොමිසම හරහා යා යුතු බවයි.
“පොලිස් කොමිසම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරන්න ඕනේ. නමුත්, කොමිසම සමහර ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අදිමදි කරනවා. දැන්, ජාතික පොලිස් කොමිසම ගැන මමත් ඉන්නේ අදිමදියක. මොකද මේ එකක්වත් පෞද්ගලික වුවමනාවට කරන ස්ථාන මාරුවීම් නෙවෙයි,” යනුවෙන් ඔහු පැවසීය.
දූෂණ නඩු සම්බන්ධයෙන් තවත් ලිපිගොනු කිහිපයක් අල්ලස් කොමිසම විසින් නැවත විවෘත කර විමර්ශනය කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක තවදුරටත් පැවසීය.
ජනාධිපතිවරයා සඳහන් කළේ, පසුගිය රජයන් පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඉඩ නොදීම නිසා පසුගිය වසර 15 තුළ ගොනු කරන ලද දූෂණ නඩු රැසක් ගොඩගැසී ඇති බවයි.
මෙය අල්ලස් කොමිසමේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අධිකරණයේ තදබදයන් සහ ප්‍රමාදයන් ඇති කිරීමට හේතු වී ඇති බව ඔහු පැවසීය.
“පසුගිය වසර 15 තුළ සෑම නිලධාරියකුටම ලිපිගොනු 100ත් 200ත් අතර ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. ආයතනය අසමත් වුණාම සියලුම පැමිණිලි ලිපිගොනු හිරවී ගොඩගැසෙනවා. මෙම නඩු නැවත විවෘත කළාම විමර්ශන නිලධාරීන් විවිධ ගැටලුවලට මුහුණ දෙනවා . ෆයිල් ප්‍රමාණය වැඩි නිසා” යයි ජනාධිපතිවරයා පැවසීය.
ජාතික වැදගත්කමක් ඇති පැමිණිලි නැවත විවෘත කර මෙම මාසයේ නඩු පැවරීමට අල්ලස් කොමිසම එකඟ වී ඇති බවත්, පෙබරවාරි මාසයේදී තවත් එවැනි නඩු කිහිපයක් ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
දූෂණ සම්බන්ධ ප්‍රමාද වූ නඩු විසඳීම සඳහා විවිධ පත්වීම් හරහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් කොමිසම ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart