
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 06 වනදා විද්‍යාලයේ පැවති උත්සවයට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී දරුවන්ට ලබාදුන් පොරොන්දුව අනුව විද්‍යාලයේ අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධනගේ සහභාගිත්වයෙන් ඊයේ (06) සිදුවිය.
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මෙම ශ්‍රවණාගාරය ඉදිකිරීම සඳහා කඩිනමින් ප්‍රතිපාදන වෙන් කෙරුණු අතර එකවර සිසුන් 5000කට පමණ එක්රැස් විය හැකි සියලු පහසුකම්වලින් සමන්විතව මෙම නව ශ්‍රවණාගාරය ඉදි කිරීමට නියමිතය.
නව ශ්‍රවණාගාරයට මුල්ගල් තැබීම වෙනුවෙන් විද්‍යාලයේ පැවති උත්සවයේ දි අදහස් දැක්වූ රුවන් විජේවර්ධන සඳහන් කළේ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගනිමින් ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් කඩිනමින් නිමකර, සිසු අයිතියට පවරා දීමට කටයුතු කරන බවයි.
රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ එදා සිටම විශාල වැඩකොටසක් ඉටු කළ බව මෙහිදී පෙන්වා දුන් රුවන් විජේවර්ධන, ජනාධිපතිතුමා බියගම ජනතාවට ලබාදුන් පොරොන්දුවක් අනුව එම ප්‍රදේශයේ නව රෝහලක් ඉදිකිරීමේ කටයුතු ද ලබන මාසයේදී ආරම්භ කරන බව සඳහන් කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart