
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණවලට අදාළව, නෛතික ප්රතිපාදන සහ අධිකරණ නියෝගවලට යටත්ව ජංගම දුරකථන භාරයට ගැනීමට මෙන්ම එහි අන්තර්ගතය පරීක්ෂා කිරීමට පොලිසියට බලතල පවතින බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් පවසයි.
සාමාන්ය පරීක්ෂාවකදී ජංගම දුරකථන පරීක්ෂා කිරීමට පොලිසියට ඇති හැකියාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, යම් පරීක්ෂණයකට අදාළ තොරතුරු මත පදනම්ව නීත්යානුකූලව පමණක් මෙවැනි පියවර ගන්නා බවයි.
යම් පරීක්ෂණයකට අදාළ තොරතුරු ජංගම දුරකථනයක් තුළ පවතින බවට තහවුරු වන්නේ නම්, එම දුරකථනය පොලිස් භාරයට ගෙන නඩුවට අදාළ නඩු භාණ්ඩයක් (නඩුවට අදාළ සාක්ෂියක්) ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඔහු පැහැදිලි කළේය. පරීක්ෂණයට අවශ්ය සාක්ෂි ලබා ගැනීම සඳහා දුරකථනයේ අන්තර්ගතය පරීක්ෂා කරනු ලබන්නේ ඉන් අනතුරුවය.
“මෙවැනි අවස්ථාවලදී අපට බොහෝ විට උපාංගයේ අන්තර්ගතය සම්බන්ධයෙන් විශේෂඥ විශ්ලේෂණයක් හෝ පරීක්ෂාවක් අවශ්ය වෙනවා. ඒ නිසා අධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කිරීම අනිවාර්යයි,” යනුවෙන්ද සහකාර පොලිස් අධිකාරීවරයා පැවසීය.
විශේෂයෙන්ම බරපතල අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විට, පොලිස් ආඥාපනත සහ අපරාධ නඩු විධාන සංග්රහයේ ප්රතිපාදනවලට අනුව මෙලෙස පරීක්ෂණ සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart