
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලන රැලියක් පවත්වමින් තංගල්ල නගර සභා ක්‍රීඩාංගණය විනාශ කළ බවට ජනාධිපති අනුර කුමාර දිසානායක හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක චෝදනා කරයි.
ජනමාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා කියාසිටියේ තංගල්ල නගර සභා ක්‍රීඩාංගණය ප්‍රදේශයේ විශාලතම ක්‍රීඩාංගණය සහ පොදු සම්පතක් බවයි.
ජනාධිපතිවරයාගේ ප්‍රථම දේශපාලන රැලියේදී එම ක්‍රීඩාංගනය සම්පූර්ණයෙන්ම විනාශ කර මාස දෙකක්වත් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඩී.වී. චානක ජනාධිපතිවරයාට චෝදනා කළේ, තම බලතල අවභාවිත කරමින් තංගල්ල නගර සභා ක්‍රීඩාංගණයට අවශ්‍ය රුපියල් මිලියන 3.9 ක තැන්පතුව නොගෙවා ලබාගෙන ඇති බවයි.
“කිසිම වාහනයකට භූමියට ඇතුළු වීමට අවසර නැහැ. නමුත් ජනාධිපතිවරයාගේ වාහනවලට අවසර ලබාදී තිබීම නිසා එම පිටිය මේ වන විට මඩ සහිත ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා සිදුව තිබෙන හානිය රුපියල් මිලියන 2.5ක් පමණ වෙනවා.” යැයි ඔහු සඳහන් කරයි.
මෙම පොදු ක්‍රීඩාංගණය විනාශ කිරීමට එකඟ වූයේ කෙසේදැයි ඔහු ක්‍රීඩා ඇමතිවරිය වන අග්‍රාමාත්‍යවරිගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart