
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවක් කැඳවා ඇත.
එම හමුවේදී ජනාධිපතිවරයා පහත සඳහන් ප්‍රධාන කරුණු අවධාරණය කර තිබේ.
01. මහජනතාව සඳහා අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වා ගැනීමේ වැදගත්කම.
02. ඉන්දීය ආධාරවල කොටසක් ලෙස ලැබුණු සූර්ය පැනල 800ක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට කඩිනමින් ලබාදීම සඳහා සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව.
03. ආසියා සංවර්ධන බැංකුවේ (ADB) සහ විදේශ ණය ආධාර ලබන විදුලිබල අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති කඩිනම් කිරීමේ හදිසි අවශ්‍යතාව සහ විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති මාස තුනක් ඇතුළත අනුමත කිරීමට කමිටුවක් පිහිටුවීම.
04. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම සහ ගමට මුදල් ලැබීමේ යාන්ත්‍රණයක් කඩිනමින් ස්ථාපිත කිරීම.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල යන පිරිස ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart