
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ජනතාවගෙන් බහුතරයක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලන ක්‍රියාකලාපය පිළිබඳව පැහැදීමකින් පසුවන අතර, තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහයෝගය පළකරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමාජ දර්ශක අංශය මඟින් නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවක් මඟින් හෙළි වී තිබේ.
2026 මැයි 23 සිට ජුනි 18 දක්වා කාලය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පුද්ගලයන් 1,240 දෙනෙකු ඇසුරින් පවත්වන ලද මෙම දීපව්‍යාප්ත සමීක්ෂණයට අනුව, ජනාධිපතිවරයාගේ සමස්ත කාර්ය සාධනය පිළිබඳව සියයට 75.5 ක ඉහළ මහජන ප්‍රසාදයක් හිමිව ඇත. ඊට සාපේක්ෂව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතාව පළ කර ඇත්තේ සියයට 29.4 ක ප්‍රසාදයකි.
මෙම මත විමසුමට අනුව, සමීක්ෂණයට ලක්වූවන්ගෙන් සියයට 64.1 ක පිරිසක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂව අදහස් දක්වා තිබේ. කෙසේවෙතත්, එම ක්‍රියාවලිය වහාම ආරම්භ කළ යුතු බව පවසා ඇත්තේ සියයට 23.6 ක් පමණි. සියයට 40.5 ක් ප්‍රකාශ කර ඇත්තේ තමන් විධායකය අහෝසි කිරීමට පක්ෂ වුවද, එය මේ මොහොතේ රටේ ක්ෂණික ප්‍රමුඛතාවක් ලෙස නොසලකන බවයි. සියයට 23 ක පිරිසක් විධායකය අහෝසි කිරීමට සෘජුවම සිය විරෝධය පළකර ඇත.
වත්මන් පාලනය කෙරෙහි දේශපාලන ප්‍රසාදය ඉහළ මට්ටමක පැවතියද, ආර්ථික ක්ෂේත්‍රය තුළ තවදුරටත් දැඩි පීඩනයක් පවතින බව මෙම වාර්තාව පෙන්වා දෙයි. වසරකට පෙර පැවති තත්ත්වයට වඩා තමන්ගේ ගෘහස්ථ ආර්ථික තත්ත්වය තවදුරටත් පහත වැටී ඇති බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 51.4 ක් පවසා ඇති අතර, තත්ත්වය යහපත් වූ බව පවසා ඇත්තේ සියයට 18.2 ක් වැනි සුළු පිරිසකි.
එමෙන්ම රජය ජීවන වියදම පාලනය කරන ආකාරය පිළිබඳව මහජන මතය සම මට්ටමකින් බෙදී පවතී. එහිදී රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව සියයට 45.3 ක් සෑහීමකට පත්වන අතර සියයට 44.0 ක් ඊට අතෘප්තිය පළ කර ඇත.
මෙම සමීක්ෂණයට අනුව ජාතික ජන බලවේගය ආණ්ඩුවට කාර්යක්ෂම පාලනයක් සැපයිය හැකි බවට සියයට 62.8 ක ජනතාවක් විශ්වාසය පළ කර තිබේ. විශේෂයෙන්ම මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව රජය දියත් කළ සහන සේවා සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳව සියයට 68.6 ක අතිශය ඉහළ මහජන ප්‍රසාදයක් වාර්තා වී ඇත. මීට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සියයට 51.6 ක් රජය කෙරෙහි පැහැදීම පළ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart