
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (ජනවාරි 31) උතුරු පළාතේ යාපනයේ සංචාරයක නිරත වන අතර එය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තේරී පත්වීමෙන් පසු ඔහු යාපනයේ සිදුකරන පළමු සංචාරයයි.
තම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා වැල්වැටිතුරෙයි සහ චාවකච්චේරි ප්‍රදේශවල සාකච්ඡාවලට සහභාගී වනු ඇත.
ජනාධිපති දිසානායක හෙට (ජනවාරි 29) යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට ද සහභාගී වීමට නියමිතය.
මේ අතර, උතුර සහ නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඊයේ (ජනවාරි 29) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.
විරෝධතාකරුවන් කියාසිටින්නේ, රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට දේශපාලන පක්ෂ කිහිපයක් පොරොන්දු වී තිබුණද, උතුර හා නැගෙනහිර පළාත්වල උපාධිධාරීන් 21,000 ක් පමණ රැකියා විරහිතව සිටින බවයි.
තරඟ විභාග නොමැතිව උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඔවහු බලධාරීන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියහ.
ජනමාධ්‍ය වාර්තාවලට අනුව, ජනාධිපතිවරයාගේ ගැටළු කෙරෙහි අවධානය යොමුකිරීම සඳහා මෙම විරෝධතාව දියත් කර ඇති අතර, ඔහු සිය සංචාරයේදී එම නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට ද ඉඩ තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart