
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත.
සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළකර ඇත්තේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පැවැති සාකච්ඡාවකදීය.
වර්තමානයෙහි පවතින පාරිභෝගික භාණ්ඩ මිල සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇති අතර, ජනතාවගේ ප්‍රධාන ආහාරයක් ලෙස බත සකස් කරන සහල් මිල පාලනයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක්කර ඇත.
පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති බවත්, ඉන්පසුව සහල් මිලෙහි වෙනසක් සිදුකිරීම සාධාරණ නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සහල් ව්‍යාරිකයින් හමුවේ ප්‍රකාශ කර තිබේ.
ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබාදීමටත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී ඇත.
සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වාදී ඇති ජනාධිපතිවරයා දිගු කාලීනව පාලන මිල ක්‍රියාත්මක නොකිරීම තුළින් මෙම මිල අස්ථාවරභාවය මතුව ඇති බවද සඳහන් කර තිබේ.
අතරමැදි තොග රැස් කරන්නන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇති අතර එම පිරිස ලියාපදිංචි කිරීමට ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට මූල්‍ය දුෂ්කරතා මඟහැර ගැනීම සඳහා යෙදවුම් මිල අඩුකිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබේ.
සහල් මෝල් හිමියන්ගේ සංගම් නියෝජනය කරමින් ඩඩ්ලි සිරිසේන, නිපුන ගම්ලත්, මිත්‍රපාල ලංකේෂ්වර, ජයසිරි ගුණතිලක, මේනක ගම්ලත් යන පිරිස ඇතුළු ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගීවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart