
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, නියමිත ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය දීමට නොහැකිවීම පිළිබඳ සාධාරණ බියක් පවතින විට වෙනත් මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස එලෙස ඉල්ලුම් කළ හැකි බවයි.
ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර සියලුම දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරි හා මැතිවරණ කාර්යාලවලින් ලබාගත හැකි වේ.
අදාළ අයැදුම්පත්‍ර ලබන අගෝස්තු පළමුවැනිදා හෝ ඊට පෙර, මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට එවිය යුතු වෙයි.
ඉල්ලුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි ලවා ඉල්ලුම්පත්‍රය සහතික කරවා ගතයුතු බවත් ග්‍රාම නිලධාරි සහතිකය නොමැති ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කළේය.
මැතිවරණ කොමිසම නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වුණේ, ඉල්ලුම්කරු විසින් 2024 වර්ෂයේ ඡන්ද විමසීම සඳහා වලංගු ඒකාබද්ධ ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කරගෙන, ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත් තොරතුරු ඉල්ලුම්පත්‍රයේ සඳහන් කළ යුතු බවයි.
එම නාමලේඛන තොරතුරු සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල හෝ මැතිවරණ කොමිෂන් සභාවේ www.election.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart