
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණය ආසන්නයේ ඊයේ දින පෑලියගොඩ මැනිං වෙළඳපොලේ අධික පාර්භෝගිකයන් සංඛ්‍යාවක් වාර්තා විය.
පෑලියගොඩ මාළු වෙළඳපොළටද විශාල ලෙස ජනතාව සහ සිල්ලර වෙළඳුන් ඇදී එන ආකාරය ඊයේ උදෑසන සිට නිරීක්ෂණය විය.
ඊට හේතුවී තිබුණේ අද පශ්චාත් මැතිවරණ සමයේ සාමාන්‍ය ජන ජිවිතයට බාධාවක් වනු ඇතැයි ජනතාව තුළ පැවැති හැඟීමයි.
එමනිසා ප්‍රමාණවත් තරම් එළවළු, මාළු වැනි දේ ජනතාව කඩිමුඩියේ මිලදී ගන්නා ආකාරය දැකගත හැකිවිය.
මැනිං මාර්කට් වෙළෙන්දන්ගේ සංගමයේ ලේකම් සමින්ද පීරිස් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඊයේ උදෑසන වෙළෙදපොලේ එළවළු මිලදී ගැනීමේදී කලබලකාරී තත්ත්වයක් පැවති අතර එය පස්වරුව වනවිට තත්ත්වය සමථයකට පත් වූ බවයි.
ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ ඇඳිරි නීතිය ඇති වේ යැයි බියෙන් මිනිසුන් අත්‍යවශ්‍ය එළවළු මිලදී ගත් තත්වයක් දැකගත හැකිවූ බව ඔහු පවසා ඇත.
සැප්තැම්බර් 22 ඉරිදා මැනිං වෙළඳපොළ වසාතබන බවට කරන ලද දැනුම්දීමක් ද මෙම තත්වයට බලපා තිබිණි.
ඉරිදා වෙළඳපොළ වසාදැමීමට තීරණය කර ඇත්තේ, ජනතාව මැතිවරණයට අදාළව වැඩි වශයෙන් සම්බන්ධ වනු ඇතැ අපේක්ෂාවෙනි.
කෙසේවෙතත් වැඩි වශයෙන් මිලදී ගැනීම් සිදු වුවද එළවළු, මාළු මිලෙහි විශාල මිල වැඩිවීමක් සිදුවී නොතිබුණු බව වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart