
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක් එල්ල කර තිබේ.
සංග්‍රහය යටතේ පහත සඳහන් වැරදි සම්බන්ධයෙන් ජයවික්‍රමට චෝදනා එල්ල වී ඇත.
2.4.4 වගන්තිය – අනාගත අන්තර්ජාතික තරඟවලදී පාවාදීම් සිදුකිරීමට ඔහුට ලැබුණු ප්‍රවේශයක් පිළිබඳ විස්තර අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව දූෂණ විරෝධී ඒකකයට වාර්තා කිරීමට අපොහොසත් වීම,
2.4.4 වගන්තිය – 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි සඳහා දූෂිතයකු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු සම්බන්ධ කර ගැනීමට ඔහුට ලැබුණු ප්‍රවේශයක් පිළිබඳ විස්තර අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව දූෂණ මර්දන ඒකකයට වාර්තා කිරීමට අපොහොසත් වීම.
2.4.7 වගන්තිය – දූෂිත හැසිරීම්වල නියැලීමට ප්‍රවේශයන් සහ යෝජනා ඉදිරිපත් කරන ලද පණිවිඩ මකාදැමීමෙන් විමර්ශනයට බාධා කිරීම.
සංග්‍රහයේ 1.7.4.1 සහ 1.8.1 වගන්තිවලට අනුව, අන්තර්ජාතික තරඟ ගාස්තු සමඟින් ලංකා ප්‍රිමියර් ලීග් ගාස්තු සම්බන්ධයෙන් ICC පියවර ගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ICC එකඟ වී ඇත.
ප්‍රවීන් ජයවික්‍රමට එල්ලවී ඇති චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට 2024 අගෝස්තු 6 සිට දින 14ක් ඇත.
ICCය මෙම අදියරේදී මෙම චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර අදහස් ප්‍රකාශ නොකරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart