
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැයි දින සංවිධාන කටයුතු වෙනුවෙන් පැවති රැස්වීමක දී රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා කිරීමට එක්වන ලෙස යෝජනා කරන්නට ගිය ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ප්රසන්න රණවීරට රැස්වූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ ප්රදේශයේ ප්රාදේශීය දේශපාලකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
රනිල් වික්රමසිංහ හැර පොහොට්ටුවට වෙනත් විකල්පයක් නැති බව කියමින් දැඩි ස්ථාවරයක සිටින ප්රසන්න රණතුංග අනුව යමින් ඔහු මෙම ප්රකාශය සිදුකර ඇතැයි පැවැසේ.
බියගම ප්රදේශයේ හෝටලයක දී ඊයේ (07) පැවති මෙම සාකච්ඡාවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රබලයන්වන රෝහිත අබේගුණවර්ධන, සාගර කාරියවසම්, ආනන්ද ගණේපොල ඇතුළු කණ්ඩායමක් එක්වී ඇත.
මේ අවස්ථාවට ගම්පහ දිස්ත්රික්කයේ ප්රාදේශීය මට්ටමේ දේශපාලකයන් 300ක් පමණ එක් වී සිටි බව ද වාර්තා වේ.
සිය කතාව අතරතුර රනිල් හැර වෙනත් විකල්පයක් නැතැයි ප්රසන්න රණවීර පැවසීමෙන් පසු සභාවෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වී ඇත.
“රනිල්ට වැඩකරන ලෙස අපට කියන්නේ රෙද්දක් ඇඳගෙනදැයි” පාක්ෂිකයන් ප්රසන්න රණවීරගෙන් ප්රශ්න කර තිබේ.
“පොහොට්ටුවෙන් පඹයෙක් දාන්න. අපි වැඩකරන්නම්. ඒත් රනිල්ට වැඩ කරන්න කියලා කියන්න මෙහෙම රැස්වීම් තියන්න එපා” යනුවෙන් ඔවුන් ප්රකාශ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart