
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් ආණ්ඩුවේ බලවත්ම කොටස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.
“ශක්තිමත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ මන්ත්‍රී කණ්ඩායම එහි සන්ධානගත පක්ෂ වන මහජන එක්සත් පෙරමුණ සහ ඊ.පී.ඩී.පී. වැනි පක්ෂ සමඟ පක්ෂය තුළත් ආණ්ඩුව තුළත් එකතු වී පසුගිය වසර දෙක තුළ මේ රට නැවත ගොඩනඟන්න අපට හැකි තත්ත්වයකට ගෙන ඒමට හැකි වුණා, ” යැයි ඔහු සඳහන් කරයි.
මහජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සභාව සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.
ඒකාබද්ධ වීම හරහා රජයට අභියෝග රැසක් ජය ගැනීමට හැකි වූ බව පැවසූ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සභාග ආණ්ඩු රැසක් පැවති බවද සිහිපත් කළේය.
“අපි මැතිවරණ වර්ෂයකට මුහුණ දෙනවා. අපි විශ්වාස කරනවා අපි ගොඩනඟා ගත් ශක්තිය මත මේ මැතිවරණයේදී අපේ රට ඉදිරියට ගෙන යෑමට හැකි ශක්තිමත්ම බලවේගය ගොඩනඟනවා කියලා. රටේ අනාගතය සඳහා, රටේ ජනතාවගේ අනාගතයේ සුරක්ෂිතභාවය සඳහා, මාතෘ භූමියේ නිදහස සඳහා, ආර්ථික වර්ධනයක් ඇති කරමින් රට ඉදිරියට ගෙන යෑමට ශක්තිමත් බලවේගයක් අවශ්‍යයි,” යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart