
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 පෙබරවාරි 9 වැනි දින රට පුරා විදුලිය ඇනහිටීමට මූලික හේතුව වූයේ සූර්ය පැනල මගින් ජාතික පද්ධතියට ලබාදෙන විදුලි ධාරිතාව ඉහළ අගයක පැවතිම හේතුවෙන් ජාතික පද්ධතියේ ස්තායිතාව අඩුවීම බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
නිවේදනයක් මගින් මේ සම්බන්ධයෙන් පැහැදිළි කරන ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ, එදින රටේ විදුලි ඉල්ලුමෙන් අඩකට වඩා සූර්ය බලයෙන් සැපයූ බවයි.
රට පුරා විදුලිය ඇනහිටීම සම්බන්ධයෙන් ස්වාධීන විද්වත් කමිටුවක් විසින් සිදුකරන ලද පුළුල් විමර්ශනයක ප්‍රතිඵල අනුව මෙම නිගමනයට එළැඹි බව ද ලංකා විදුලිබල මණ්ඩලය එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණ අනුව, පානදුර ග්‍රිඩ් උපපොළේ ඇති වූ කැළඹීමක් හේතුවෙන් මෙම සිද්ධිය සිදුවී ඇති අතර, එමඟින් සමස්ථ පද්ධතියේම හදිසි වෝල්ටීයතා අඩුවීමක් ඇතිව තිබේ.
කාර්මික සහ වාණිජ විදුලි පරිභෝජනය අඩු වූ වී සූර්ය බල උත්පාදනය ඉහළ ගිය ඉරිදා දිනයක මෙම විදුලි බිඳවැටීම සිදුවිය.
සූර්ය බලශක්ති උත්පාදනයේ ඉහළ ප්‍රතිශතයක් සහ සාම්ප්‍රදායික බලාගාරවල නිමැවුම අඩු වමත් සමඟ, විදුලිබල පද්ධතියට බාධා අවශෝෂණය කරගැනීමට ප්‍රමාණවත් හැකියාවක් තිබී නැත.
විදුලිය උත්පාදනය සහ ඉල්ලුම අතර මෙම අසමතුලිතතාවය ශීඝ්‍රයෙන් උත්සන්න වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දීපව්‍යාප්තව සම්පූර්ණ විදුලිය විසන්ධි වීමක් සිදුව ඇත.
මේ අතර අනාගත අවදානම් අවම කිරීම සහ ජාල ප්‍රත්‍යස්ථතාව වැඩිදියුණු කිරීම සඳහා, දිගු කාලීන ජනන ව්‍යාප්ති සැලැස්ම සහ දිගු කාලීන සම්ප්‍රේෂණ සැලැස්මෙහි දක්වා ඇති ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද අදාළ විද්වත් කමිටුව නිර්දේශ කර ඇත.
ඒ සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති යෙදවීම, සමමුහුර්ත කන්ඩෙන්සර් සහ සාම්ප්‍රදායික ජනක යන්ත්‍ර සමමුහුර්ත කන්ඩෙන්සර් ලෙස ක්‍රියාකිරීමට හැකි වන පරිදි වෙනස් කිරීම් නිර්දේශ අතරට ඇතුළත් වේ.
මීට අමතරව, මෙහෙයුම් අධීක්ෂණය වැඩිදියුණු කිරීමට සහ අනාගතයේදී එවැනි සිදුවීම් වැලැක්වීම සඳහා ජාලක පාලන පද්ධති (මිමික් පුවරු) මත තත්‍ය කාලීන අවස්ථිති දර්ශක ස්ථාපනය කිරීමට ද කමිටුව උපදෙස් ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart