
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අතිකාල දීමනා වෙනස් කිරීම සහ ඇඟිලි සලකුණු ක්‍රමවේදය ඉවත්කර ගැනීම ඇතුළු ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ දීප ව්‍යාප්ත තැපැල් වර්ජනය අද දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ..
එම වර්ජනය ඊයේ පස්වරුවේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ අතර අනතුරුව එය රට පුරා තැපැල් කාර්යාල වෙත ව්‍යාප්ත විය.
තැපැල් වෘත්තීය සමිති නායකයින් පැවසුවේ, හඳුන්වා දී ඇති ඇඟිලි සලකුණු ක්‍රමවේදය විරෝධතාව සඳහා ප්‍රධාන හේතුව බවයි.
උපතැපැල් කාර්යාල 3,354 ක් පමණ විවෘතව පවතින නමුත් තැපැල් බෙදාහැරීමේ ප්‍රමාදයන් පවතින බව තැපැල්පති රුවන් සත්කුමාර පැවසුවේය.
මෙම වර්ජනය අසාධාරණ බව පෙන්වාදුන් ඔහු, තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම්වලින් සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් වැටුප් සහ අතිකාල සඳහා වැයවන බව ද පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ සේවයට වාර්තාකරන කාර්ය මණ්ඩලය ආරක්ෂා කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇති අතර, සේවාව කඩාකප්පල් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
වර්ජනය අවසන් කරන්නේ කවදාද යන්න පිළිබඳව වෘත්තීය සමිති මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart