
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිරිබත්ගොඩ විහාර මහාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස පෙනී සිටිමින් එම විද්‍යාලයට දරුවන් දෙදෙනෙකු ඇතුළත් කීරීම සඳහා කූට ලේඛන සකස් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයකු මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට මහර අංක 02 අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉකුත් සිකුරාදා (17 වැනිදා) පස්වරුවේ නියම කරනු ලැබීය.
කඩවත, මහර ප්‍රදේශයේ පදිංචි කොළඹ වරායේ සේවකයකු වන විසිනව හැවිරිදි පුද්ගලයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
කූට ලේඛන සකස් කිරීම සම්බන්ධව කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි එම්. එම්. නිරෝෂා දමයන්ති යන අය විසින් කැලණිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කොට එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මෙහිදී කැලණිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නඩු මෙහෙයුම් අංශයේ පො.සැ. කුමාර (71453) විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.
“ඉකුත් අප්‍රියෙල් 23 දා පාසල් නිල ඇඳුමින් සැරසුණු සිසුවියන් දෙදෙනකු මවුපියන් සමග පාසලට පැමිණ තිබෙනවා. ඉන් එක් සිසුවියක් දෙවැනි ශ්‍රේණියට හා අනිත් සිසුවිය 07 වැනි ශ්‍රේණියට ඇතුළත් වීම සඳහායි. එම සිසුවියන් දෙදෙනා ‘වි.බා.වි.’ යන අකුරු සහිත ලාංඡන ද පැළඳ ගෙන සිටි බව පවසනවා. උදේ 8.45ට පමණ විදුහල්පතිනියගේ කාර්යාලයට එම සිසුවියන් දෙදෙනා මවුපියන් සමග පැමිණ පාසලින් නිකුත් කරන ලද බව සඳහන් ව්‍යාජ ලිපි දෙකක් විදුහල්පතිනියට ඉදිරිපත් කරලා. නමුත් එහි අත්සන විදුහල්පතිනියගේ අත්සනට සමාන නැහැ. ඒ ගැන විදුහල්පතිනියට සැකයක් ඇතිවෙලා.
විදුහල්පතිනිය විසින් එම මවුපියන්ගෙන් විමසීමේදී 02 වැනි ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ හතරක් හා 07 වැනි ශ්‍රේණියට ඇතුළත් කීරීම සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක් ලබා දී තිබෙන බව පවසා තිබෙනවා.
පසුව විදුහල්පතිනිය විසින් සිද්ධිය අධ්‍යාපන අමාත්‍යාංශයට හා ජාතික පාසල් අධ්‍යක්ෂතුමාට දුරකථනයෙන් දැනුම් දී කිරිබත්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කළා. පසුව කිරිබත්ගොඩ පොලිසිය විසින් මේ පිළිබඳ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට දන්වා තිබෙනවා. එම කොමිසම විසින් පොලිස්පතිතුමාට එය ඉදිරිපත් කර තිබෙනවා.
පොලිස්පතිතුමා විසින් මේ ගැන විමර්ශනය කරන්නට කියලා කැලණිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට යොමු කළා. ඒ අනුව විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගත්තා. ඒ සමගම විදුහල්පතිනිය ලෙස පෙනී සිටි වට්ස්ඇප් ගිණුම විවෘත කරන ලද ජංගම දුරකථනය ඔහුගේ නිවසේ තිබී සොයා ගත්තා. එම කූට ලේඛන සකස් කිරීම සඳහා යොදාගත් අයිෆෝන් වර්ගයේ ජංගම දුරකතනයද පොලිස් භාරයට ගත්තා. එම දුරකථනවල විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සඳහා ඊට අදාළ දුරකථන සේවා ආයතනවලට නියෝගයක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටිනවා.”
ඉදිරිපත්වු කරුණු කෙරෙහි අවධානය යොමුකළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා දුරකථන සේවා ආයතනවලට අදාළ නියෝගය කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියම කළේය.
කැලණිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරු එහි නඩු මෙහෙයුම් අංශයේ පො.සැ. කුමාර (71453) යන නිලධාරියා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart