
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ වරාය නගරය(Port city) 2021 වසරේ සිට කිසිදු නව ආයෝජනය ව්‍යාපෘතියක් ආකර්ෂණය කරගෙන නැතැයි වාර්තාවේ. වරාය නගරය මෙහෙයවන චෙක් පොර්ට් සිටි සමාගමට (CHEC Port City Colombo (Pvt) Ltd) මෙතෙක්, විශේෂයෙන් සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට හැකියාවක් ලැබී නොමැත.
වරාය නගරයට අවසන් වරට ආයෝජනයක් ලැබී ඇත්තේ 2021 වසරේදීය. 2021 දෙසැම්බරයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (BIL) සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 114ක් ආයෝජනය කිරීම වෙනුවෙන් වරාය නගරයෙන් ඉඩම් කොටස් 06ක් ලබාගෙන ඇත. ඉදිරි වසර දෙක තුළ සංවර්ධනය සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 86 ක් වැය කරන බව එම සමාගම පවසා තිබේ. කෙසේ වෙතත්, මෙම බිම් කොටස්වල කිසිදු ක්‍රියාකාරකම් සිදුවී නොමැත.
සීමාසහිත ආසිරි පෝට් සිටි හොස්පිට්ල් සමාගම, කොළඹ වරාය නගර ආර්ථික කොමිසම (CPCEC) සමඟ ඉඩම් බදු දීමට ගිවිසුමකට එළැඹ ඇති බව මේ සතියේ නිවේදනය කරන ලදී. මෙය ආයෝජනයක් ලෙස හුවාදක්වා ඇති නමුත්, එය ඉඩම් බදු දීම සඳහා කොමිෂන් සභාව සමඟ ගිවිසුමකට එළැඹීමේ වගකීමක් පමණක් බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී රජය විසින් වරාය නගරයේ සමාගම් ලියාපදිංචි කිරීමට සම්පූර්ණ අවසරය ලබාදීම සඳහා අදාළ වන රෙගුලාසි ගැසට් කරන ලදී. ව්‍යාපාර සඳහා මෙහෙයුම් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාර්ගෝපදේශ සැප්තැම්බර් අග දී ප්‍රකාශයට පත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart