
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ළමා අයිතිවාසිකම්, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සමාජ අවධානය වැඩිදියුණු කිරීමේ අරමුණින් 2026 සැප්තැම්බර් 25 දින සිට ඔක්තෝබර් 01 දින දක්වා කාලය ‘ළමා දින ජාතික සතිය – 2026’ ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.
වර්තමානයේ දරුවන් මුහුණදෙන අභියෝග සාම්ප්‍රදායික ළමා ආරක්ෂණ ගැටලුවලින් ඔබ්බට ගොස් අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය ආශ්රිත අවදානම්, මානසික හා සමාජීය පීඩන, නොසලකා හැරීම් මෙන්ම විවිධ ආර්ථික අභියෝග දක්වා පුළුල් වී ඇති බව හඳුනාගෙන ඇත.
එබැවින් දරුවන් පමණක් නොව දෙමාපියන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ සේවා සම්පාදකයන් ඇතුළු සමස්ත සමාජයම ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.
ඊට සමගාමීව ළමා ආරක්ෂාව සඳහා ප්‍රජා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම විශේෂ ජාතික සතිය තුළ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart