
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට සහ නේවාසික රාජ්‍ය තාන්ත්‍රිකයන්ට කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණයකින් ඇමෙරිකානු ඩොලර් 5000ක් දක්වා භාණ්ඩ මිලදී ගැනීමට අවසර ලබාදීමට නියමිතය.
කොළඹ වරාය නගර කොමිෂන් සභාව විසින් හඳුන්වා දී ඇති නව නීතිවලට අනුව, අවසරලත් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වසරකට ලැප්ටොප් එකක්, ටැබ් එකක්, ඩෙස්ක්ටොප් එකක් සහ කැමරා දෙකක් මිලදී ගැනීමට අවසර ලැබේ.
ඊට අමතරව ඇඳුම් 36 ක්, රසකැවිලි කිලෝග්‍රෑම් 10 ක්, සුවඳ විලවුන් බෝතල් දෙකක් සහ රූපලාවන්‍ය නිෂ්පාදන 05 ක් මිලදී ගැනීමට ද අවසර ලැබේ.
විදේශීය සංචාරකයන්ට වටිනාකම් සීමාවක් නොමැති නමුත්, එක් සංචාරයක් සඳහා පරිමාවේ සීමාවක් පනවනු ලබන අතර, ගුවන් තොටුපළේදී තවත් මිලදී ගැනීම් සඳහාද අවසර ලබාදෙනු ඇත.
කොළඹ වරාය නගර කොමිෂන් සභාවට අනුව, මෙම දීමනාව ගුවන් තොටුපලවල වෙනත් දීමනාවකින්ගෙන් ස්වාධීන වන අතර, මිලදී ගන්නා භාණ්ඩ ශ්‍රී ලංකාව තුළ නැවත විකිණීමට හෝ හුවමාරු කිරීමට නොහැකි වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart