
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාව වටා ඇති මුහුදේ ජීවත් වන සාලයා, හාල්මැස්සා සහ හුරුල්ලා වැනි කුඩා මත්ස්ය විශේෂ ප්රමාණය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව නෝර්වීජියානු ධීවර විද්යාඥ ජෙන්ස්-ඔටෝ ක්රැක්ස්ටාඩ් පවසයි.
මිනුම් කරන ලද මුහුදු ප්රදේශවල දැනට ඉතිරිව ඇත්තේ මෙම මත්ස්යයන් මෙට්රික් ටොන් 20,000ක පමණ ප්රමාණයක් පමණි.
සාමාන්ය ජනතාවගේ ප්රෝටීන් අවශ්යතාව සපුරාලන මෙම මත්ස්ය සම්පතේ පරිහානිය 2018 වසරේ සමීක්ෂණවලින්ද අනාවරණය වී ඇති අතර, වත්මන් තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
පෙර සමීක්ෂණවලදී මුළු මත්ස්ය ස්කන්ධය ටොන් 395,000 දක්වා ඉහළ අගයක් ගත්තද, 2018 වන විට එය ටොන් 121,000ක් දක්වා පහත වැටී තිබිණි.
විශේෂයෙන්ම මුහුද ආශ්රිත මත්ස්ය ස්කන්ධය 1978 දී ටොන් 150,000 ක් වූ අතර, 2018 දී එය ටොන් 21,000 දක්වා තියුණු ලෙස අඩුවී ඇත.
එසේම, නැගෙනහිර වෙරළ තීරයේ මෙම මසුන් සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදන් වී ගොස් ඇති අතර, ඉතිරිව ඇති මසුන්ගෙන් වැඩි ප්රමාණයක් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශය තුළට සංකේන්ද්රණය වී තිබේ.
ඒ අනුව මීගමූ ප්රදේශයෙන් වාර්තා වූ මත්ස්ය විශේෂ අතරට සාලයා, හාල්මැස්සා, හුරුල්ලා, ගල් හුරුල්ලා සහ කීරමීන් යන මසුන් ඇතුළත් වේ.
මීට අමතරව, වාණිජමය වශයෙන් වැදගත් මත්ස්ය විශේෂයන්හි සාමාන්ය දිග දශක හතරක් තුළ සියයට 50කින් පමණ අඩුවී ඇති බව පර්යේෂකයෝ සොයාගෙන ඇත.
අධික ලෙස මසුන් ඇල්ලීම සහ මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් මෙම මත්ස්ය සම්පත දැඩි ලෙස අවදානමට ලක්ව තිබෙන බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart