
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොළොන්නරුව ගල්ලෑල්ල කදුරුවෙල ප්‍රදේශයේ පිහිටි රජයේ පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපලට ඊයේ රාත්‍රියේදී ජල ගැලුම් නිම්න වන උද්‍යානයේ සිට පැමිණි වන අලි රංචුවක වන අලියෙකු එම බීජ ගොවිපලේ ගබඩාවක් කඩා ගබඩා කර තිබූ වී ආහාරයට ගන්නා අයුරු බීජ ගොවිපලේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව ඇත.
ජල ගැලුම් නිම්න වන උද්‍යානයේ සිට පැමිණෙන මෙම වන අලින් විසින් පසුගිය දිනයන් කිහිපය පුරාවටම කදුරුවෙල බීජ ගොවිපලේ බීජ ගබඩාව කඩා වී ආහාරයට ගෙන ගබඩාවට හානි කර තිබිණි.
ගොවිපොළ වෙත වන අලි රංචු පිටින් කඩාවදින අයුරු එම ගොවිපලේ පාලනාධිකාරිය විසින් ජංගම දුරකථනයෙන් රූගත කර තිබේ.
මෙලෙස වන අලි රංචු පිටින් රජයේ බීජ ගොවිපල වෙත කඩාවැදී එහි සම්පත් වලට හානිකර දැමීම මත එම ගොවිපොළේ කටයුතු වලට දැඩි බාධාවක් සිදුව ඇති බවට එමබීජ ගොවිපලේ පාලනාධිකාරිය විසින් පවසයි.
වනඅලි පැමිණීම වළක්වා මෙම බීජ ගොවිපොළ හා එහි සම්පත් ආරක්ෂා කිරීමට කඩිනම් වැඩපිලිවෙලක් යොදන ලෙසට එහි පාලනාධිකාරිය බළධාරීන්ගෙන් ඉල්ලා සිටී.
වන අලියාගේ කකුල් දෙක අසලටම අලිවේඩි දැමුවද එම වන අලියා නොගිය අතර අදාල අලිවේඩි දමන දර්ශන සීසීටීවී වල සටහන්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart