
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානය විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
අවිනිශ්චිත මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය මෙයට හේතු වී තිබේ.
අධික උද්ධමනය, දරාගත නොහැකි විදේශ ණය, විදේශ සංචිත පහළ මට්ටමක පැවැතීම වැනි ගැටලු රාශියකින් එරට ජනතාව පීඩා විඳිමින් සිටින බව දැක්වේ.
2011 සිට 2023 දක්වා කාලය තුළ ඒක පුද්ගල ණය ප්‍රමාණය සියයට 36කින් ඉහළ ගොස් තිබේ.
එසේම, එම කාලය තුළ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සියයට 6කින් අඩු වී ඇත.
පාකිස්ථානයේ සියයට 40ක් පමණ ජනතාව දරිද්‍රතාවයෙන් පෙලෙන බවටද වාර්තා වේ.
පාකිස්ථානය පසුගිය වසරේ සියයට 30ක් පමණ දරාගත නොහැකි උද්ධමනයකට මුහුණ දෙන බැවින්, IMF කොන්දේසි සපුරාලීමටද අපොහොසත් වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart