
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය දිනෙක පැලවත්තේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට කැපුම් තුවාල සිදුකරන ලද්දේ බුද්ධි අංශයට සම්බන්ද්ධ නිලධාරියෙක් නොවන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
කෙසේවෙතත්, එම උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගත් සැකකටයුතු පුද්ගලයා බුද්ධි නිලධාරියකු බවද ඇමැතිවරයා හෙළිකළේය.
ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පසුගිය 2 වැනිදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල සිදුකළැයි කියන පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය10දා දැනුම් දුන්නේය.
එම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා විමර්ශන වල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කළ කඩුවෙල මහෙස්ත්‍රාත් වාගිමා විජේබණ්ඩාර, පොලිස් රාජකාරියට බාධාකිරිම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරින් සිවුදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද නියෝග කළාය.
මේ අතර එම විරෝධතාව අතරතුරදී පොලිස් නිලධාරීන්ට සිදුවූ තුවාල සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු වගකිව යුතු බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart