
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් බැතිමතුන්ගේ වාහන පහසුවෙන් හඳුනාගෙන රථගාල් වෙත යොමුකිරීම සඳහා සහ බැතිමතුන් හට අවහිරයකින් තොරව වන්දනා කරගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසීමට මෙන්ම පැමිණෙන ජන සංඛ්‍යාව ගණනය කිරීම සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වාදීමට පොලිසිය කටයුතු කර ඇත.
ඒ අනුව සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය කර දළදා වන්දනාව සඳහා පිටත්ව යන වාහන වෙත මෙම ස්ටිකරය නිකුත් කර ලෙස දැනටමත් පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බව පොලිසිය පවසයි.
දිවයින පුරා පොලිස් වසම්වලින් දළදා දැක්ම වන්දනාව සඳහා කණ්ඩායම් වශයෙන් වාහන හා බැතිමතුන් කොපමණ සංඛ්‍යාවක් පැමිණෙන්නේද යන්න පිළිබඳව පූර්ව තොරතුරු ලබාගෙන එම වාහන සඳහා එක් එක් වාහනයකට එක් ස්ටිකරය බැගින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිතව මෙම ස්ටිකරය නිකුත් කිරීමටත් මේ වන විට කටයුතු යොදා තිබේ.
වන්දනා කණ්ඩායම් පැමිණෙන රථයේ ඉදිරි වා මුවාවේ වම්පස ඉහළ කෙළවරේ පිටතට හොඳින් පෙනන අයුරින් හා රියදුරු දර්ශනයට අවහිරයක් නොවන සේ මෙම ස්ටිකරය අලවාගෙන පැමිණෙන ලෙස මැතිමතුන් කණ්ඩායම් භාරව පැමිණෙන අයවලුන් වෙත පොලීසිය ඉල්ලීමක් කර ඇත.
කෙසේවෙතත් මෙම ස්ටිකරය වන්දනා කටයුතු පහසුවීම හා වානහ පහසුවෙන් හඳුනාගැනීම සඳහා හඳුන්වා දී ඇති බවත් වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් රැගත් වාහනවල මෙම ස්ටිකරය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය නොවන බවත් පවසන පොලිසිය, වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ස්ටිකරය නොමැති වුවද බැතිමතුන් වෙත ශ්‍රී දළදා වන්දනාව සඳහා පැමිණීමේ හැකියාව ඇති බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart