
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටට අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු 2026 ජනවාරි 15 වැනිදා සාර්ථකව පිටුවහල් කිරීමට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය එක්සත් අරාබි එමීර් රජයට සහ එහි අදාළ බලධාරීන්ට සිය කෘතඥතාව පළකර තිබේ.
ශ්‍රී ලංකා පොලිසිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් අතර සමීප සම්බන්ධීකරණය සහ ඵලදායී සහයෝගීතාව තුළින් මෙම පිටුවහල් කිරීම සිදුකර ගැනීමට හැකි වූ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය පැවසීය.
මෙම මෙහෙයුම ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ශක්තිමත් සහ දිගුකාලීන හවුල්කාරිත්වය පිළිබිඹු කරන අතර නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ කලාපීය සහ අන්තර්ජාතික ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා දෙරටේම හවුල් කැපවීම අවධාරණය කරන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
මෙරටට අවශ්‍ය සැකකරුවන් එකොළොස් දෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට 2024දී සහ 2025 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පහසුකම් සැලසූ අතර, එය අන්තර්ජාතික අපරාධ විසඳීම සඳහා එරට ස්ථිර කැපවීම තවදුරටත් පෙන්නුම් කළ බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය රජයේ සහ එහි බලධාරීන්ගේ වෘත්තීයභාවය, කාර්යක්ෂමතාව සහ ක්‍රියාශීලී සහාය අගය කරමින්, ශ්‍රී ලංකා පොලිසිය ගැඹුරු කෘතඥතාව පළ කළ අතර, අන්තරජාතික අපරාධ මැඩපැවැත්වීම සහ යුක්තිය සහ මහජන ආරක්ෂාව සහතික කිරීමේ සාමූහික ප්රයත්නයේ දී මෙම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිප්‍රාය නැවත තහවුරු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart