
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධීව සිප්පිකටු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා සැකකරුවකු තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රිකුණාමලයේ සිට හෙට්ටිපොළ දක්වා බලපත්‍ර නොමැතිව ධාවනය කරමින් තිබූ සිප්පිකටු තොගයක් සහිත ලොරි රථයක් තඹුත්තේගම කලාඔය පාලම අසලදී ලද තොරතුරකට අනුව තඹුත්තේගම පොලීසිය මගින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම ලොරි රථය තුළ සිප්පිකටු කිලෝ 20,000 කට ආසන්න ප්‍රමාණයක් පැවති බවත්, එවා සිප්පිකටු සහිත කිලෝ 50 බැගින් උර 401 ක් තුළ අසුරා තිබූ බව තඹුත්තේගම පොලිසිය පවසයි.
සිප්පිකටු ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගත යුතු නමුත් මෙම ලොරි රථය බලපත්‍ර ලබානොගෙන කුකුළු ආහාර රැගෙන යන බව පවසා මෙලෙස නීතීවිරෝධීව සිප්පිකටු තොගය ප්‍රවාහනය කරමින් සිට ඇත.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී කින්නියා ප්‍රදේශයේ කළපුවල සිප්පිකටු කැණීමට බලපත්‍ර ලබානොදෙන බවද පැවසීය.
ඒ අනුව මෙම සිප්පිකටු නීතිවිරෝධිලෙස ලබාගෙන ඇති බවටද සැකකරන බව තඹුත්තේගම පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සිප්පිකටු තොගය සහිත ලොරි රථය හා සැකකරු අද (25) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart