
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයකුට පහරදී තිබේ.
‘අද දෙරණ’ වාර්තා කරන ආකාරයට පහරකෑමට ලක්ව ඇත්තේ, වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම් වූ හිටපු පොලිස් සැරයන්වරයෙකි.
වසර 17ක් පොලීසියේ සේවය කළ හිටපු සැරයන්වරයාගේ ආදායම් මාර්ගය වූයේ ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු යටතේ සේවය කිරීමය.
පසුගිය 14වනදා රාත්‍රියේ වැඩ නිමවීමෙන් පසුව ඔහු තවත් කිහිපදෙනකු සමග රාත්‍රි ආහාර ගැනීම සඳහා කොහුවල ආපනශාලාවක් වෙත ගොස් තිබේ.
හිටපු පොලිස් සැරයන්වරයා එවිට පැළඳ සිට තිබුණේ ශ්‍රී ලංකා පොලීසියේ සේවය කරන කාලසීමාව තුළ ලබාගත් පොලිස් නිල ලාංඡනය සහිත ටී ෂර්ටයකි.
එම අවස්ථාවේ පොලිස් නිල ඇඳුමෙන් සිටි නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් ඇඳුමෙන් සැරසී සිටි නිලධාරීන් 6 දෙනෙකු පමණ එම ආපනශාලාව තුළ ආහාර ගනිමින් සිට තිබුණි.
පසුව එම නිලධාරීන්, හිටපු පොලිස් සැරයන්වරයාගෙන් පැළඳ සිටි ටී ෂර්ටය සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ.
එහිදී ඔහු පවසා තිබුණේ, තමා වසර 17ක් පොලිස් සේවයේ නිරතව සිටි පුද්ගලයෙකු බවය.
අනතුරුව එම පොලිස් නිලධාරීන් අදාළ හිටපු පොලිස් සැරයන්වරයා කොහුවල පොලිස් ස්ථානය පිටුපසට ගෙන ගොස් පහරදී පොලිස් සිරමැදිරියට දමා තිබුණි.
පහරකෑමට ලක්වූ හිටපු සැරයන්වරයා රෝහල්ගත කර තිබුණේ, කොන්ත්‍රාත් සමාගමේ පුද්ගලයින් විසිනි.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (18) පෙරවරුව් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart