June 2, 2025

නයිවල ප්‍රදේශයේ නිවසක් වැටළීමකදී හෙරොයින් කිලෝ 3.650 ක තොගයක් සමඟ පසුගිය සෙනසුරාදා පුද්ගලයකු වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 70 කට වඩා වැඩි බව හෙළිව තිබේ.

25 හැවිරිදි සැකකරු රෙදිපිළි වෙළඳාම මුවාවෙන් බොහෝ කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

එහිදී හෙරොයින් ප්‍රවාහනය කරන වෑන්රථය, ඉලෙක්ට්‍රොනික කිරුම් උපකරණ, ජංගම දුරකථන හතක් සහ රුපියල් ලක්ෂ 5 ක් වටිනා මුදල් ද, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී ඇත.

පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත වැටළීම් සිදුකර ඇති පොලිසිය, පළමුව වෑන් රථය පරීක්ෂා කළ විට හෙරොයින් තොගයෙන් කොටසක් සහ ඉතිරිය සැකකරුගේ නිවසින් සොයාගෙන තිබේ.