
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ පෝට් සිටි පරිශ්‍රය ආසන්නයේදී චීන ජාතිකයන් තිදෙනෙකුට පහරදී, ඉන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර චීන ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය පතයි.
පසුගිය ජූලි 23 වැනිදා සිදුවූ මෙම බරපතළ අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
සිද්ධියට සම්බන්ධ තවත් චීන ජාතිකයන් දෙදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
දැනට පලාගොස් සිටින ප්‍රධාන සැකකරුවන් තිදෙනා සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම වීසා කාලය ද මේ වන විට කල්ඉකුත් වී ඇති බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් ගුවනින් හෝ මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස රටින් පලා යෑමට උත්සාහ කළ හැකි බවට පොලිසිය සැක පළ කරයි.
ඒ අනුව සැකකරුවන් සොයා ගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
මෙම සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 071 859 1735 දුරකථන අංකය ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart