
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැටවල ප්‍රදේශයේදී ඊයේ සිය 23 හැවිරිදි පෙම්වතිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සිරිපාගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් අදාළ පුද්ගලයා පෙම්වතියට ලී කණුවකින් පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලබා ගිලීමලේ රෝහලට ඇතුළත් කළ කාන්තාව රත්නපුර රෝහලට මාරුකර යවන විටත් මියගොස් තිබේ.
මෙම පුද්ගලයා සහ කාන්තාව අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර, ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පසුව එම පුද්ගලයා ඇයට පහරදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
සිරිපාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart