
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය ජනවාරි 22 වැනිදා පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනයට ලක්වූ බෙලිඅත්ත ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවන් තිදෙනකුගේ ඡායාරූප පොලිසිය නිකුත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය විමර්ශන සිදුකරන අතර වෙඩිතැබීම සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් තිදෙනකු පළාගොස් සිටින බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන්ගෙන් එක් අයකු අම්බලන්ගොඩ, කහව, වරාගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මහගමගේ දිනේෂ් ප්‍රියංකර නොහොත් ‘චූටියා’ ලෙස හඳුනාගෙන ඇත.
තවත් සැකකරුවකු අඟුරුවැල්ල, යාය 4 තඹුත්තේගම සහ ගල්පාත ප්‍රදේශවල පදිංචි 50 හැවිරිදි නිශාන්ත සමන් කුමාර ඩයස් නමැත්තා බවට හඳුනාගෙන ඇති අතර, තුන්වැනි සැකකරු ඌරගහ, මාකන්දන, පුවක්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි රන්මුනි මහේෂ් හේමන්ත සිල්වා නමැත්තා බවට හඳුනාගෙන තිබේ.
මෙම සැකකරුවන් සිටින ස්ථානය පිළිබඳ තොරතුරු දන්නේ නම් තංගල්ල කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී 071-8591488 දුරකථන අංකයෙන් හෝ බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංක 071-859497 අමතන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත හුවමාරුව අසලදී සිදුවූ වෙඩි තැබීමකින් ‘අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 5 දෙනකු ජීවිතක්ෂයට පත්විය.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද පොලිසිය සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart