
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසරකට පෙර රඹුක්කනදී විරෝධතාවක් අතරතුර පොලිසිය වෙඩි තැබීම් සිදුකර ඇත්තේ ඉලක්ක හඳුනානොගෙන අත්තනෝමතික ආකාරයෙන් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. එසේම, ඉන්ධන බවුසරයක් සම්බන්ධයෙන් මතුවූ මෙම විරෝධයේදී කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න, ජීව උණ්ඩ යොදා වෙඩිතැබීමට නියෝග කිරීම නීතිමය ක්‍රියාපිළිවෙත් අභිබවායෑමක් මෙන්ම, වැරදි උපකල්පන මත එළඹුණු තීරණයක් බවද මානව හිමිකම් කොමිසම පෙන්වාදෙයි. මෙම සිදුවීමේදී පොලිසිය සිදුකළ වෙඩිතැබීමෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිදුකරන ලද පරීක්ෂණයේ අවසන් නිර්දේශ පොලිස්පතිවරයාට යොමුකරමින් මේ බව සඳහන් කර තිබේ.
කඳුළු ගෑස් මෙහෙයුම අවසන්වීමට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න ජීවඋණ්ඩ යොදා වෙඩිතැබීමට මෙහිදී නියෝග කර ඇති බව එම වාර්තාව සඳහන් කරයි. එසේ වෙඩිතැබීමට නියෝග කිරීම නීතිමය ක්‍රියාපිළිවෙත් අබිබවායෑමක් මෙන්ම වැරදි උපකල්පන මත එළැඹුණු තීරණයක් බවද මානව හිමිකම් කොමිසම පෙන්වාදෙයි. දණහිසෙන් පහළට වෙඩිතැබීමට නියෝග කළ විට එය සිදුකළ යුත්තේ පැහැදිලිවම දණහිසෙන් පහළට වෙඩිතැබිය හැකිනම් පමණක් බවත්, තමන්ට කැමති ස්ථානයකට වෙඩිතැබීමේ අත්තනෝමතික තීරණය පොලිස් දෙපාර්තමේන්තු ක්‍රියාවලිය උල්ලංඝණය කිරීමක් බව මානව හිමිකම් කොමිසම සිය වාර්තාව මගින් පෙන්වාදෙයි.
ජනතාව විසුරුවාහැරීමේ මෙහෙයුමකදී මාරාන්තික ගිනිඅවි යොදාගත යුත්තේ ඉලක්කය පැහැදිලිව හඳුනාගතහොත් පමණක් බවත් එලෙස ඉලක්කය හඳුනාගත නොහැකි නම් එසේ වෙඩිතැබීමෙන් වැළැකී සිටිය යුතු බවත් පොලිස් නිලධාරීන්ට පුහුණුවේදී උපදෙස් දෙන කරුණක් බව පෙන්වාදෙන මානව හිමිකම් කොමිසම, නීතියේ දක්වා ඇති ඉලක්කයක් නිසි ලෙස හඳුනාගැනීමෙන් තොරව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවත්, T 56 ගිනි අවිවලින් සන්නද්ධ පොලිස් භටයින් පොළවට වෙඩිතැබු බව කියන සිද්ධිය ද පොලිස් දෙපාර්තමේන්තු ක්‍රියාවලිය උල්ලංඝනය කිරීමක් බවත් සිය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart