
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිඩ්නි හිදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවෙන් නිදහස් කර තිබියදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කිරීම සඳහා නිව් සවුත්වේල්ස් පොලිසිය උත්සාහ කරමින් සිටින බව එරටින් ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන වාර්තා අනාවරණය කරයි.
32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට සැප්තැම්බර් මාසයේ පැවති විනිසුරුවරයකුගේ තනි නඩු විභාගයකින් පසුව නිදොස් කොට නිදහස් කෙරුණු අතර, මාස 10 කට පමණ පාසු නැවත ශ්‍රී ලංකාවට යෑමට අවස්ථාව හිමිවිය.
ඊයේ මෙම කාරණය නැවත අධිකරණයේදී සාකච්ඡාවට ගැනුණු අතර, එහිදී හෙළි වූයේ ධනුෂ්ක සම්බන්ධයෙන් තවමත් බලපෑම් එල්ලවන බවයි.
පොලිස් අභියෝචකවරයා අධිකරණයට කියාසිටියේ තවමත් බලපෑම් පවතින බවයි.
මෙහිදී ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥ ඇලන් සහිනොවික් අධිකරණයට කියාසිටියේ තම සේවාදායකයා ශ්‍රී ලංකාවේ නැවත පදිංචිව සිටින බවත් උපදෙස් ලබාගැනීමට ඔහුට කාලය අවශ්‍ය බවත්ය.
මෙම නඩුව දෙසැම්බර් මාසයේදී නැවත අධිකරණයට ඉදිරිපත් කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart