
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හදවත් රෝගියකු වූ තම පියාට ප්රතිකාර ලබාගැනීමේදී තමන් මුහුණ දුන් අයහපත් අත්දැකීමක් සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ දුක්ගැනවිල්ලක් පළකළ ගුරුවරියකට පොලිසිය බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.
තමා පළකළ ෆේස්බුක් සටහන සම්බන්ධයෙන් විමසීමට කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් තම නිවසට පැමිණි බවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස තමන්ට දැනුම්දුන් බවත් අදාළ කාන්තාව ප්රකාශ කරයි.
රෝහලේදී සිදු කළ පියාගේ ඇන්ජියෝග්රෑම් පරීක්ෂණයේ තොරතුරු ඇතුළත් බව පවසමින් හිස් සීඩී තැටියක් නාගොඩ රෝහල විසින් තමාට ලබාදී ඇති බවත්, එම අසාධාරණය පිළිබඳව සිය ෆේස්බුක් පිටුවේ තොරතුරු පළකිරීම මෙලෙස පොලිසිය හරහා තමාට බලපෑම් එල්ලවීමට හේතුව බව එම කාන්තාව වැඩිදුරටත් පෙන්වාදෙයි.
(News Wire)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart