April 23, 2025

මාටින් වික්‍රමසිංහ පදනම් කෞතුකාගාරයෙන් රන් ආලේපිත ආදර්ශ නෞකාවක් සොරකම් කළ සැකකරු හඳුනාගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලිට දැනුම් දුන්නේය.

නාරාහේන්පිට පදිංචිකරුවකු වන සැකකරු ජයකුමාර්, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා සඳහා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

ඔහුගේ මත්ද්‍රව්‍ය පරිභෝජනයට මුදල් ලබාගත් ආකාරය පිළිබඳව ප්‍රශ්න කළ විට, ජයකුමාර් මෙම වටිනා කෞතුක වස්තුව සොරකම් කර නුගේගොඩ පුද්ගලයෙකුට රුපියල් 7,000 කට අලෙවි කළ බව පිළිගෙන ඇත.

මෙම හෙළිදරව්වෙන් පසු, කුරුඳුවත්ත පොලිසිය සොරකම් කරන ලද ආදර්ශ නෞකාව සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

සොරකම සම්බන්ධයෙන් සැකකරු ජුනි 16 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.

මහේස්ත්‍රාත්වරයාරිය එම ඉල්ලීම පිළිගත් අතර සැකකරු නියමිත දිනට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළාය.

සොයාගත් කෞතුක වස්තුව මාටින් වික්‍රමසිංහ පදනමට ආපසු ලබා දීමට පියවර ගන්නා ලෙසද අධිකරණය පොලිසියට උපදෙස් දුන්නේය.