
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලුත් අවුරුදු උදාව වෙනුවෙන් රාජකාරියේ යෙදීසිටි අම්බලන්තොට පොලිසියට අනුයුක්ත නිලධාරියකු බීමත් රියදුරකු පදවාගෙන ගිය මෝටර් රථයකට යටවීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මූලස්ථානයට අනුව, අම්බලන්තොට වලවේ ගඟ හරහා ඇති පාලම අසල මාර්ග බාධකයකදී අද (01) අලුයම 2.30ට පමණ මෙම මාරක අනතුර සිදුවිය.
අම්බලන්තොට දෙසට ගමන් කළ වාහනය නතර කිරීමට අණ කළද එය නොනවත්වා ධාවන කිරීමෙන් රාජකාරියේ යෙදීසිටි පොලිස් නිලධාරියාගේ ගැටී ඇති බව පොලිසිය පවසයි.
මියගිය පොලිස් නිලධාරියා සූරියවැව, වීරියගම ප්රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන පොලිස් කොස්තාපල් එම්. සරත් කුමාර ලෙස හඳුනාගෙන ඇත.
ඔහු ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට මාරුකර ඇති අතර ජනවාරි 03 වැනිදා අම්බලන්තොටින් පිටත්ව යෑමට නියමිතව සිටියේය.
අද (01) එම නිලධාරියාට සමුදීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබියදී මෙම අනතුර සිදු වූ බව වාර්තා වේ.
එම අවස්ථාවේ රාජකාරියේ යෙදීසිටි සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරියකු ද තුවාල ලබා ප්රතිකාර සඳහා අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධියට සම්බන්ධ වාහනය පසුව අම්බලන්තොට නගරයට ආසන්න ප්රදේශයකින් සොයාගත් බව පොලිසිය පැවසීය.
අනතුර සිදුවන අවස්ථාවේ වාහනයේ ගමන් කළ රියදුරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ දෙදෙනාම අධික ලෙස බීමත්ව සිටි බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart