September 1, 2026

කොළඹ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේදී හිටපු ශ්‍රී ලාංකික හමුදා නිලධාරියෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදේශීය තනාපති කාර්යාල නිලධාරියකුට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සිද්ධියට අදාළ CCTV දර්ශනවල දැක්වෙන්නේ හිටපු හමුදා නිලධාරියා අදාළ ගොඩනැගිල්ලේ ලොබියේ අසුන්ගෙන සිටින අවස්ථාවේදී තනාපති නිලධාරියා ඔහු වෙත පැමිණෙන අතර, පසුව ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් ඇතිවන බවයි.

තනාපති නිලධාරියා විසින් හිටපු හමුදා නිලධාරියාට කෙළ ගසා අනතුරුව පරහදින අයුරු එම දර්ශනවල සටහන්ව තිබේ.

අදාළ නිලධාරියාට රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද (diplomatic immunity) හිමිව ඇති බව වාර්තා වන පසුබිමක, බලධාරීන් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටලු මතුවී ඇත.