
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික ලෙස බීමත්ව අධිවේගී මාර්ගයේ මාර්ග බාධක කඩාගෙන පිටවීමට උත්සාහ කළ ජනප්‍රිය ගායකයකු වන මධුමාධව අරවින්ද කඩවත පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබීම මේ වන විට කතාබහට ලක්ව තිබේ.
ඊට හේතුව බීමත්ව පොදු දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධ චෝදනාවක් සාමාන්‍ය පුද්ගලයකුට එල්ල වූවා නම් එය අනිවාර්යයෙන්ම අධිකරණය වෙත ගෙනයන කාරණයක් වන බැවිනි.
මාතර දෙස සිට සුඛෝපභෝගී රථයකින් අධිවේගී මාර්ගයේ පැමිණ ඇති මධුමාධව ඊයේ (16) දහවල් 12ට පමණ කඩවත පිවිසුමෙන් පිටවීමේදී එහි තිබූ මාර්ග බාධකය කඩාගෙන සිය රථය ඉදිරියට ධාවනය කර ඇත.
පසුව නිලධාරීන් රථය නතරකොට පරීක්ෂා කරද්දී ඔහු රියැදුරු අසුනේ සිට ඇති අතර, මෙම සිදුවීමෙන් මාර්ග බාධකයට මෙන්ම ඔහුගේ රථයටද අලාභහානි සිදුව තිබේ.
මෙම අවස්ථාවේ දී සිද්ධිය වූ ස්ථානයට සහකාර පොලිස් අධිකාරිවරයෙක් පැමිණ ඇති අතර, පසුව අධිවේගි මාර්ගයේ රාජකාරී නිරත නිලධාරීන් විසින් ඔහුව කඩවත පොලිසියට රැගෙන ගොස් ඇත.
එමෙන්ම කඩවත පොලිසියේ නිලධාරීන් ඔහුට එරෙහිව පැමිණිල්ල සටහන් කර ගැනීමට බොහෝ කාලයක් ගතකර ඇති අතර මේ නිසා අධිවේගී මාර්ගයේ රාජකාරි කළ නිලධාරීන්ටද කඩවත පොලිසියේ බොහෝ වේලාවක් රැඳී සිටීමට සිදුව ඇතැයි වාර්තා වේ.
ඔහු බීමතින් සිටි බවට පරික්ෂා කිරීමක් සිදුව ඇත්දැයි යන්නද ගටලුසහගතය.
කෙසේ වෙතත් අවසානයේ දී කඩවත පොලිසිය මඟින් සැකකාර ඔහුව පොලිස් ඇප මත මුදාහැර ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් මධුමාධව අරවින්ද අදාළ අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව නොසිටි බවත්, ඔහු අධික නිදිමතකින් සිටි බවත් පොලිසිය දැන් පවසන බවද වාර්තා සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය සහ දක්ෂිණ අධිවේගි මාර්ගයේ අධ්යක්ෂවරයාගේ උපදෙස් මත විමර්ශනයක්ද ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart