
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නගරයේ කෙටි සංචාරයක නිරත වූ විදේශීය සංචාරකයන් දෙදෙනෙකුගෙන් අනිසි ලෙස මුදල් සූරාකෑමට උත්සාහ කළ ත්‍රිරෝද රථ රියදුරෙකු, සංචාරක පොලිසිය වහා ක්‍රියාත්මක වීම හේතුවෙන් කොටුවී තිබේ.
සුඛෝපභෝගී මගී නෞකාවකින් කොළඹ වරායට පැමිණි මෙම සංචාරකයන් දෙදෙනා, නෞකාව නැංගුරම් ලා තිබූ කෙටි කාලය තුළ නගරය නැරඹීමේ සංචාරයක නිරත වීමට තීරණය කර ඇත.
වරායෙන් පිටතට පැමිණි ඔවුන් නතර කරගත් ත්‍රිරෝද රථයක රියදුරා පවසා ඇත්තේ ගාලු මුවදොර පිටිය, ගංගාරාම විහාරස්ථානය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයක් නැරඹීම සඳහා ඔවුන්ව රැගෙන යා හැකි බවයි.
ඒ සඳහා රියදුරා රුපියල් 18,000 ක මුදලක් ඉල්ලා ඇති අතර, විදේශිකයන් ද ඊට එකඟ වී ඇත.
කෙසේවෙතත්, සංචාරය අතරතුරදී ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) දුටු එක් සංචාරකයෙකු, අදාළ ගාස්තුව ලබාගැනීම සඳහා සිය බැංකු කාඩ්පත රියදුරා වෙත ලබා දී තිබේ.
එහිදී රියදුරා විසින් අවස්ථා දෙකකදී රුපියල් 90,000 බැගින් රුපියල් 180,000 ක මුදලක් වංචනික ලෙස ගිණුමෙන් ලබාගෙන ඇත.
මේ පිළිබඳව සංචාරකයා ප්‍රශ්න කළ විට රියදුරා පවසා ඇත්තේ මුළු සංචාරය සඳහාම ගාස්තුව එය වන බවයි.
නෞකාව පිටත්වීමට සුළු වේලාවක් පමණක් ඉතිරිව තිබූ බැවින් අසරණ වූ සංචාරකයන් දෙදෙනා, වරාය පරිශ්‍රයේ පිහිටි සංචාරක පොලිස් ඒකකය වෙත වහාම මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, අදාළ ත්‍රිරෝද රථ රියදුරාව සොයාගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී රුපියල් 180,000 ක මුදල ද සොයාගෙන ඇත.
එහිදී තමන් සංචාරය සඳහා රුපියල් 180,000 ක් ඉල්ලූ බවට රියදුරා ප්‍රකාශ කළ ද, පොලිසිය එය පිළි නොගෙන ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිමය කටයුතු අවසන් වූ පසු අදාළ මුදල ඔවුන්ගේ රටේ තානාපති කාර්යාලය හරහා නැවත ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන බව පොලිසිය සංචාරකයන්ට දන්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart