
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියම කළේය.
පියුමි හංසමාලි නමැත්තියගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව ඊට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කැඳවනු ලැබීය.
එම මෝසම කැඳ වූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතිසියකට අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා අද දින අධිකරණයේ පෙනීසිටියේය.
එහිදී පියුමි හංසමාලී වෙනුවෙන් පෙනීසිටි නීතීඥ සුමුදු හේවගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාව රූපලාවන්‍ය ආලේපන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර, ඒ යටතේ මේ වන විට ගනුදෙනුකරුවන් 34506 දෙනකුට අධික පිරිසකට කුරියර් මාර්ගයෙන් එම ආලේපන අලෙවි කර තිබෙන බව සඳහන් කළේය.
තම සේවාදායිකාව අඩු මිලකට අදාළ ආලේපන ලබාගෙන රුපියල් තිස් හතලිස්දහසක් වැනි ඉහළ මිලකට අලෙවි කරන බවට ඊයේ දින සියලු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති පළකර තිබූ බව පෙන්වාදුන් එම නීතිඥවරයා, එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මේ තුළින් සිය සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවන බවත් සඳහන් කළේය.
ඒ අනුව, තම සේවා දායිකාවගෙන් ආලේපන මිලදී ගත් ගනුදෙනුකරුවන් කැඳවා ප්‍රශ්න කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවත්, මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් බිය වී මෙම ආලේපන මිලදී ගැනීමෙන් ඈත් වී තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට බරපතළ හානියක් සිදුවෙමින් පවතින බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
නිරූපණ ශිල්පිණියක වශයෙන් කටයුතු කරන තම සේවාදායිකාව ව්‍යාපාරිකාවක් වශයෙන් ඉහළ තලයකට දියුණු වීමේ ඇති වරද කුමක්දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා, අම්බපාලි අද සිටියා නම් ඇයට රහත් වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් සඳහන් කර සිටියේය.
ඒ අනුව තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට අගතියක් සිදුවන ආකාරයෙන් විමර්ශන මෙහෙයවීමට වැළැක්වීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ නීතිවිරෝධී වත්කම් විමර්ශනය ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරණා, කියාසිටියේ පියුමි හංසමාලි නමැත්තිය තිස්දහසකට අධික පිරිසකට තමන්ගේ ආලේපන කුරියර් මාර්ගයෙන් විකුණා තිබෙන බව සඳහන් කොට ඇතැයි සඳහන් කර ඇති බවයි.
2023 වසරේ නොවැම්බර් මස 22 වන දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ප්‍රබල කොකේන් ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් අතර, එම ජාවරම්කරු හා මෙම තැනැත්තිය අතර සම්බන්ධයක් පැවති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද ඔහු කියාසිටියේය.
පියුමි හංසමාලි නමැත්තියට අයත් BMW මෝටර්රථය මේ වන විටත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ තිබෙන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පෙන්වාදුන්නේය.
එම නිසා පියුමි හංසමාලි විසින් කූරියර් මාර්ගයෙන් අලෙවිකර තිබුණේ සත්‍ය වශයෙන්ම ආලේපන ද, එසේත් නැත්නම් කිසියම් නීතිවිරෝධී ද්‍රව්‍යයක් ද යන්න අනාවරණය කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට සිදුවී ඇතැයි පෙන්වාදුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, ඒ යටතේ අවශ්‍ය පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට සිදු වී ඇති බවත් කියාසිටියේය.
මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ, පුද්ගලයන්ගෙන් විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසියට බලය තිබෙන බව තමා පිළිගන්නා බවයි.
මෙම තැනැත්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බැවින්, ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීමට වගබලා ගන්නැයි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම තැනැත්තියගේ ව්‍යාපාරයට හානියක් නොවීමට වගබලා ගත යුතු බවත් සඳහන් කළේය.
ඒ අනුව, මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියම කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart