
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
නඩුවේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ (07) අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින්1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අවලංගු කිරීමට සහ හිටපු ජනාධිපතිවරුන්ට, ඔවුන්ගේ වැන්දඹුවන්ට සහ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති විශේෂ ප්රතිලාභ අහෝසි කිරීමට සකස්කළ ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
2025 ජූලි 31 දිනැති ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලද යෝජිත කෙටුම්පත මඟින් හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා නිල නිවාස, මාසික දීමනා, ලේකම් කාර්යාල ආධාර, ප්‍රවාහන පහසුකම් සහ විශ්‍රාම වැටුප් ඇතුළු හිමිකම් අවසන් කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart