
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය චීන සංචාරය අරඹමින් අගමැති දිනේෂ් ගුණවර්ධන අද (25) පෙරවරුවේ චීනයට ළඟා වී තිබේ.
මෙම සංචාරයේ දී ඔහු චීන ජනාධිපතිවරයා හමුවීමට නියමිත අතර බොආඕහි සමුළුවක් ඇමතීමට ද නියමිතය.
චීන රජයේ ආරාධනයකට අනුව අගමැති දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා ඊයේ සවස බීජිං බලා පිටත්ව ගියේය.
ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ඔහු ජනාධිපති ෂී ජින්පින්, අගමැති ලී චියැන්ග් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් මෙන්ම ඉහළපෙළේ නිලධාරීන් ද හමුවීමට නියමිතය.
අගමැති ගුණවර්ධන ප්‍රථමයෙන් චීන අගමැති ලී චියැන්ග් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික මහජන කොංග්‍රසයේ සභාපති Zhao Leiji හමුවීමට නියමිතව තිබේ.
හයිනාන් ප්‍රදේශයේ බෝආඕ හි පැවැත්වෙන චීනයේ ප්‍රමුඛතම වාර්ෂික අන්තර්ජාතික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද අගමැතිවරයා සහභාගී වනු ඇත.
බෝආඕ සමුළුවේ තේමාව වනුයේ, ‘ආසියාව සහ ලෝකය: පොදු අභියෝග, හවුල් වගකීම්’ යන්නයි.
ඊට රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සහ ඉහළ පෙළේ විදේශීය නියෝජිතයින් සහභාගී වනු ඇත.
අගමැතිවරයා චයිනා හාබර් මූලස්ථානය, Huawei, Zhongguancun පරිසර ආරක්ෂණ උද්‍යානය, බීජිං හි ජාතික චන්ද්‍රිකා කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සහ හයිනාන්හි නිවර්තන විද්‍යා ඇකඩමිය වෙත ද සංචාරය කිරීමට නියමිතය.
ඔහු සමඟ රාජ්‍ය ඇමැතිවරුන් වන ෂෙහාන් සේමසිංහ සහ අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, චීන තානාපති Qi Zhenhong, අගමැති ලේකම් අනුර දිසානායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart