
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය බදාදා (14) කටාර් අගනුවර දෝහා වෙත පැමිණි අගමැති සහ ඔහුගේ කටාර් සහකරු ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි නව දිල්ලිය සහ දෝහා අතර බලශක්ති, වාණිජ සහ ආයෝජන ක්ෂේත්‍රවල සබඳතා වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.
කටාර් වෙත පැමිණි අගමැති මෝදි ගුවන් තොටුපළේදී පිළිගනු ලැබුවේ, කටාර් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සොල්තාන් බින් සාද් අල්-මුරායිකි විසිනි.
මෙම හමුවේදී නායකයන් දෙදෙනා වෙළඳාම, ආයෝජන, බලශක්ති, මූල්‍ය සහ තාක්‍ෂණය වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශවික සහයෝගිතාව අවධාරණය කර තිබේ.
එසේම, කලාපයේ සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමුකර ඇත.
එහිදී ඉන්දීය ඩයස්පෝරාවෙන් අගමැති මෝදිට උණුසුම් පිළිගැනීමක්ද ලැබී තිබේ.
මෙම සංචාරය හරහා ඔත්තු බැලීමේ චෝදනාව මත කටාර්හිදී මරණ දණ්ඩනයට නියම වූ ඉන්දීය නාවික හමුදාවේ අටදෙනකු නිදහස් කිරීම විශේෂත්වයක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart