
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිව්දින නිල සංචාරයක් සඳහා අද උදෑසන ඉන්දියාවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
රුබියෝ අද උදෑසන ඉන්දියාවේ කොල්කටා නගරයට පැමිණි අතර, පසුව එතැන් සිට අගනුවර බලා පිටත්ව ගියේය. ඔහු ජයිපූර් සහ අග්‍රා යන නගරවලද සංචාරය කිරීමට නියමිතය.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ හමුව අතරතුරදී රුබියෝ විසින් අග්‍රාමාත්‍ය මෝදි වෙත ධවල මන්දිරයට පැමිණෙන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ආරාධනයක් දන්වා සිටි බව ඇමෙරිකානු නිලධාරීහු පැවසූහ.
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ කලාපීය සහ ගෝලීය සාමය හා ආරක්ෂාව පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ඡා කළ බවයි.
රුබියෝ, මෝදි සමඟ පැවැති හමුවෙන් අනතුරුව ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කළේ මැදපෙරදිග පවතින තත්ත්වය පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කළ බවයි.
හෙට දිනයේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ ඇමෙරිකනු තානාපති කාර්යාලයේ නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වීමට නියමිතය.
රාජ්‍ය ලේකම්වරයා සඳුදා අග්‍රා සහ ජයිපූර් බලා සංචාරය කරන අතර, Quad විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා අඟහරුවාදා උදෑසන නැවත නවදිල්ලි වෙත පැමිණෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart